විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක්


(කවීෂා ගරුසිංහ)

විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි.

විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යැයි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයෝ තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් සහභාගිවුහ.