
(තරංග ගුණරත්න)
බෙදාහැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයක් සහිත බෑගයක් වැලිගම බටවල පිටිදූව ප්‍රදේශයේ කුඹුරු යායකට විසිකර දමා තිබියදී අද (16 ) උදැසන හමු වූ බව ගැමියෝ කියති.
තැපැල් දෙපාර්තමේන්තුවේ වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලය මගින් බල ප්‍රදේශයේ හිමිකරුවන් වෙත බෙදා හැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයක් සහිත ෂොපින් බෑගයක් වැලිගම බටවල පිටිදූව ප්‍රදේශයේ යාල් එළිය කුඹුරු යායට විසිකර දමා තිබියදී ලද තොරතුරක් මත සොයා ගැනීමට හැකි වී තිබේ .



