(බිඟුන් මේනක ගමගේ)
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයකු විසින් විදේශීය ආයෝජකයකුගෙන් කොමිස් මුදලක් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ ආයෝජනයේ දේශීය නියෝජිතයා වන සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරුන් කැඳවා ඊට අදාළ තොරතුරු ලබා ගෙන ඇත.
සිය ආයෝජන ව්‍යාපෘතියට අදාළව ලංකා ආයෝජන මණ්ඩලයට සැපයූ ආයෝජන යෝජනාව, මූලික සැලසුම්, නිෂ්පාදන ක්‍රියාවලිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කළ පැමිණිලිවල පිටපත් ආදිය මෙසේ අල්ලස් කොමිසමට ලබා දුන් බව සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිකලස් ශ්‍රීමාල් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට මතු වූ බාධාකිරීම් සම්බන්ධයෙන් සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගම ජනාධිපතිවරයාට පැමිණිලි කළ අතර ජනාධිපතිවරයා විසින් ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැනුම්වත් කරනු ලැබිණි.
මෙම විමර්ශනය සිදුවන්නේ ඒ අනුවය.