(රංජන් කස්තුරි)
ජාතික පාසල්වලට පත්වීම් ලැබූ විද්‍යාපීඨ ගුරුවරුන්ට පළමු මාසයේ වැටුප ගෙවා නැතැයි එම ගුරුවරු චෝදනා කරති.
එහෙත් එකම දින පළාත් සභා පාසල්වලට පත්වීම් ලැබූ විද්‍යාපීඨ ගුරුවරුන්ට පළමු මාසයේ වැටුප ගෙවා ඇතැයි වාර්තා වේ.
ජූනි මස 19 වැනි දින විද්‍යාපීඨ ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගත් අතර ඉන් පිරිසක් ජාතික පාසල්වලට අනුයුක්ත කර සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ උප සභාපති ඒ.පී. ඉලේපෙරුම මහතා සඳහන් කළේ ජාතික පාසල්වලට අනුයුක්ත කර සිටින ගුරුවරුන්ගේ පත්වීම් ලිපියේ පිටපත් කලාප කාර්යාලවලට ලැබී නැති බවයි.

