(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි.
කරාපිටියේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පිලිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ අවසන් කැමැත්ත මත කිසිදු ආගමික චාරිත්‍ර හෝ ගුණ කථනයන්ගෙන් තොරව සිදුවිය.
පැමිණ සිටි පිරිසට ස්තුති කිරීමේ කථාවක් පමණක් අයිවන් මහතාගේ මහතාගේ පවුලේ ඥාතියකු වූ තිස්ස ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.
හිටපු කථා නායකවරයකු වු කරූ ජයසුරිය මහතා ඇතුළු දේශපාලනඥයන් , මාධ්‍ය කේෂත්‍රයේ දැවැන්තයන්, මාධ්‍යවේදීන්, ඇතුළු විශාල පිරිසක් අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.