
(ශාන්ත පී. බණඩාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරු පැදි තුනක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මියගොස් ඇත්තේ මොහොමඩ් මිල්හාර්,මොහොමඩ් අල්ෆාස් සහ මොහොමඩ් සෆාරාස් නමැති තරුණයන් තිදෙනෙකි. ඔවුන් තුල්හිරියෙ පදිංචිකරුවෝ වෙති.
කොළඹ දිසාවේ සිට නුවර දෙසට ගමන් ගත් වෑන් රථය දකුණට බරව ධාවනය වීමේ දී කෑගල්ල දෙස සිට නුවර දෙසට පැමිණි යතුරුපැදි තුනේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය කියයි.
එහිදී බරපතල තුවාල ලද යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයන් පස් දෙනාම කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුලත් කිරීමෙන් අනතුරුව එයින් තිදෙනකු මියගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත කෑගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


