(නිමන්ති රණසිංහ)
ප්‍රදේශ කිහිපයක් අද (07) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් මුදාහැරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස එලෙස හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

