වැසිකිළියක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

තම ජංගම දුරකතනය මගින් ගාල්ලේ පිහිටි සුපිරි රෙදිපිළි වෙළඳසැලක කාර්යය මණ්ඩලය භාවිතා කරනු ලබන වැසිකිළිය වීඩියෝ ගත කළ බව කියන  ගුවන් හමුදා නිලධාරියෙකු අද (29) සවස සැකපිට  අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ මෙම වෙළඳසැලේ සේවිකාවක් වැසිකිළිය පාවිච්චි කරමින් සිට ඇති අතර මේ බව දැනගත් එකී සේවිකාව කෑගසා අනෙක් අයට මේ බව දන්වා තිබේ.

පසුව සෙසු සේවකයන් විසින් සැකකරු අල්ලාගෙන පොලීසියට භාරදී තිබේ.

32 හැවිරිදි සැකකරු පෝද්දල පදිංචිකරුවෙකු වන අතර ඔහු අගනුවරට සමීප ගුවන් හමුදා කඳවුරක සේවය කරණ බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.