විනීතා එම් ගමගේ
කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත‍්‍රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
පෞද්ගලික සමාගමකට අයත් මෙම ඉඩමට ඉකුත් 16 වැනිදා ගලි බවුසර් තිහක පමණ ප‍්‍රමාණයක් ගෙනැවිත් දමනු ලැබ ඇත්තේ එකී සමාගමේ අනුබද්ධ තවත් සමාගමක් විසිනි.
ඉදිරි දිනවල දී මහවැසි ඇද හැලූනහොත් මෙම අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් ඊට පෙර මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට සියලූ පියවර ගත් නමුත් මෙතෙක් එය සිදුව නැති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ඉඩමට කිසිදු අපද්‍රව්‍යක් මුදා හැරිම තහනම් කරමින් අධිකරණය මගින් ලබා දී ඇති නියෝගයක් ක‍්‍රියාත්මක වෙමින් පවතිද්දි මෙම අපද්‍රව්‍ය තොග ගෙනැවිත් දමා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මධ්‍යම පරිසර අධිකාරියට එවැනි අවස්ථාවක අපද්‍රව්‍ය ඉවත් කිරීමට බලතල නැති බැවින් සිද්ධිය අධිකරණයට වාර්තා කළ බව ද ඔහු සදහන් කළේය.
මේ වනවිට ප‍්‍රදේශයේ දුඟද හමන බවත් පොලිසිය මගින් මේ සම්බන්ධව අධිකරණය වෙත වාර්තා කර ඇති අතර අධිකරණය මේ පිළිබද අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගන්නැයි පළාත් පාලන කොමසාරිසවරයා වෙත නියෝග කර ඇතැයි ද සභාපතිවරයා කීය.
එසේ වුවත් දින 22 ක් ගතවන තුරුත් ඒ සම්බන්ධ නිසි ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කී අමරසිංහ මහතා පවතින තත්ත්වය යටතේ කැලණි ගඟේ පානීය ජලය පිළිබද ප‍්‍රශ්නයක් ඇති වීමෙන් වැළැක්වීමට යෙදිය හැකි උපක‍්‍රම පිළිබදව සොයමින් සිටින බවත් කියා සිටියේය.

