(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද දින අලුයම පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.
පළමු ගුවන් යානය අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයයි. මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත අලුයම 3.15 ට ගොඩ බස්වා තිබුණි. මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය 155 ක් සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යලිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව ගුවන්තොටුපොළ බලධාරීහු කියති.
අද අලුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානයේ මගීන් සහ කාර්යය මණ්ඩලය 168 ක් සිටි අතර එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි. පසුව අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපොලෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ අවට කාලගුණික තත්ත්වයක යහපත් අතට හැරී ඇති හෙයින් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.

