
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහ වැසිත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 ක ග්‍රාම නිළධාරී වසම් 23 ක පවුල් 283 ක පුද්ගලයින් 1153 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.එස්. ද සිල්වා මහතා පවසයි.
මෙලෙස පිඩාවට පත්වු ජනතාව සිටින ප්‍රාදේශීය ලේකම් වසම් ලෙස මහවැව,නවගත්තේගම ,නාත්තන්ඩිය,මුන්දලම,ආරච්චිකට්ටුව,හලාවත,පුත්තලම,මාදම්පේ,මහකුඹුක්කඩවල,වනාතවිල්ලුව බව කියයි.
එයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ වන අතර එහි තිල්අඩිය පවුල් 131 පුද්ගලයින් 681 දෙනෙකු හා පුත්තලම දකුණ පවුල් 16 ක පුද්ගලයින් 64 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 748 දෙනෙකු මෙලෙස පිඩාවට පත්ව ඇත.
මහ වැසි සමග ගලා ආ ජලය හේතුවෙන් මෙලෙස ප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවි තිබිමේන් ජනතාව පිඩාවට පත්ව ඇත.
ඒ සමගම වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ සුළි සුළං හේතුවෙන් පවුල් 80 ක පුද්ගලයින් 265 දෙනෙකු පිඩාවට පත්ව ඇති අතර කරතිව් දකුණ ජල ගැලිම් හේතුවෙන් පවුල් 13 ක පුද්ලයින් 39 දෙනෙකු පිඩාවට පත්ව ඇත.
ඒ සමගම අනෙක් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල සුළු සංඛ්‍යාවක් මෙලෙස පිඩාවට පත්ව තිබුණි.
අදාල පිරිස පිළිබදව තොරතුරු ලබා ගැනිමත් ඔවුන්ට සහන සහන සැලසිමත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල සිටින ආපදා සහන නිළධාරීන් හරහා කටයුතු කරමින් තිබුනී.දිස්ත්‍රික් ආපදා සහන සේවා ප්‍රධානි චමින්ද කුමාර මහතා විසින් අදාල කටයුතු දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මැදිහත් විමේන් ක්‍රියාත්මක කර තිබුණි.
    

																	
																	
																	
																	
																	
																	