වැස්සෙන් නොර්වුඩ් වතු නිවාස 13 ට හානී


(රංජිත් රාජපක්ෂ)                       

නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ වතු  නිවාස 13 ක සිවිලි තහඩු ගැලවී ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

 සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර එම වතු නිවාසවල පදිංචිකරුවන්ගේ භාණ්ඩ වලට හානි සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
 
මෙම අනතුරෙන් සමාජිකයන් 68 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර ඔහුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක නතර කිරීමට නොර්වුඩ් පොලිසිය සහ වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.