වැස්ස අද සිට වැඩි වේ


උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර හා උතුරු පළාත්වල විටි විට වැසි ඇති වේ. උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ. 

සෙසු පළාත්වලට සවස 1.00 පමණ පසු වැසි ඇති විය හැකියි. 

බස්නාහිර සබරගමුව,දකුණ සහ මධ්‍යම ඇතුළු ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.