( තිලකරත්න දිසානායක.)
වැලිවේරියට නුදුරු ප්‍රදේශයකදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ , පත්තඩුවන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
ඉකුත් 5 වෙනි දින යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබූ අතර මෙහිදී මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීම මත මීට පෙර 34 හැවිරිදි අයෙකු සහ 59 කාන්තාවක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.

