වැලිගමදී වෙඩිවැදී මියගිය සැරයන්ට උසස් වීමක්


(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක )

වැලිගම වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග ලෙස පිරිනමන බවත් එම පොලිස් නිලධාරියාට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය හරහා දීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වැලිගම ප්‍රදේශයේ වැටලීමකට සහභාගි වී සිටියදී වෙනත් පොලිස් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකට ගොදුරු වූ අදාල පොලිස් සැරයන්වරයා පසුගිය 1 වැනිදා අළුයම ජීවිතක්‍ෂයට පත්විය.