වැලිගම වෙඩි තැබීමේ විමර්ශන පාර්ලිමේන්තුවට කියනවා


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

"පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.