(තරංග ගුනරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරකු තෝරාපත් කරගැනිමට සුදානම් වූ අවස්ථාවේ පිරිසක් ප්‍රාදේශිය සභා පරිශ්‍රයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන බව පොලිසිය කියයි.
පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක ප්‍රතිශතයක් නොමැති වීම නිසා දකුණු පළාත් පාලාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් නව සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 10.00 පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී විශාල පිරිසක් සභා ගර්භයට පැමිණ කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බව අප වාර්තාකරුවෝ පවසති.
මේ වන විට එකම ගාලගෝටිටියක් පවතින බව වාර්තා වේ.