වැලිගම ප්‍රා:සභාපති ඡන්දෙට ආ මාලිමා මන්ත්‍රී දෙන්නෙක් පැහැරගෙන


(අංජුල මහික වීරරත්න)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා  පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.


මේ වන විට එම සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවට රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.