
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මහේෂ් මලවරආරච්චී)
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයට තුළට අද උදෑසන 10.15 පමණ ඇතුළු වු නාදුනන පුද්ගලයකු එහි සභාපති ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ) මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
සභාපති පුටුවේ සිටියදී හිසට හා ගෙල ප්‍රදේශයට සිදු වු වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ලසන්ත වික්‍රමසේකර මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර මාතර දෙසට පලා යන අයුරු ඒ අසල සවි කර තිබු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබුණේය.
වැලිගම ප්‍රාදේශිය සභාව මහජන දිනය පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම අපරාධය සිදු කර තිබුණේය.
සභාපතිවරයා හමු වී ප්‍රශ්න හා ගැටලු විසදා ගැනීමට ජනතාව පෝලිමේ වාඩි වී සිටි අතරතුර සුදු පැහැති කමිසයක්,ආරක්ෂිත හිස් වැසුම් හා කලු පැහැති මුව ආවරණයක් පැලද වෙඩික්කරු පැමිණ තිබෙන බව කියති.
ඒ වන විට කාන්තාවක සභාපතිවරයාගේ නිල කාමරයට ගොස් ලිපියක් අත්සන් කර ගෙන පිටතට එනවාත් සමග වෙඩික්කරු සභාපතිවරයා සමීපයට ගොස් වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් පසු සැකකරු ද කෑ ගසා ගෙන පිටතට පැමිණ දුව ගොස් වැලිගම ප්‍රාදේශිය සභාවේ ගේට්ටුව ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියේ නැගී පලා ගොස් තිබේ.
-----------------------------------------
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට සුළු මොහොතකට පෙර නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුන සභාපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවය කරමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

