වැලිකන්ද මඩුමුනේ මහ පරිසර විනාශයක්


(නිමල් ජයරත්න)

නැගෙනහිර පළාතෙන් ආ කණ්ඩායමක් පොලොන්නරුව වැලිකන්ද මඩුමුනේ හින්දු දේවාල භූමියක් සහ රක්ෂිතය අල්ලා මහා පරිසර හානියක් කරන බව පරිසරවේදීහු  සහ වැලිකන්දේ මහා සංඝරත්නය පෙන්වා දෙති.

ගවගාල් ඉදිකරමින් දිවා රෑ වඩමුනේ විලාල්ඔඩෛ අමුණ හරස් කර වැලි ගොඩ දමමින්  පැල්පත් ඉදිකර සතුන් දඩයම් කිරීම මෙන්ම  විශාල පරිසර හානියක්  සිදු කරන බව ද පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගෙන් කළ විමසීමකදී දෙපිරිසම සමග සාකච්ඡා කර ඉතා ඉක්මණින්  විසඳුමක්ලබා දෙන බවත් ගංගාවලට ට්‍රැක්ටර් බස්සවා සිදු කරන පරිසර විනාශය වහාම නතර කිරීමට තමා ආරක්ෂක අංශ දැන්වත් කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.