(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී වතුකරයේ කාන්තාවක මිය යාමෙි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වලදී නීතියට පිටින් කිසිවක් කිරීමට ඉඩක් නොලැබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාල මරණය සැක සහිත බවත් එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

