
ඉන්දිකා රාමනායක
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහළින් වැටුනු පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන 9 ක් ඇතුලූ තහනම් භාණ්ඩ රැසක් තිබී සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම පාර්සල් දෙක ඊයේ මධ්‍යම රාති‍්‍ර 11.45 ට පමණ මෙම පාර්සල් දෙක වැටී ඇති ඉන් එකක් එය තාප්පයට ඉහළින් සවිකර ඇති දැල් ආවරණය රැදී ඇති අතර සෙසු පාර්සලය බිම වැටී තිබී හමුවී ඇත.
මෙම පාර්සල් දෙකේ ජංගම දුරකතන 9 ක්, සිම්පත් 05 ක්, දුරකතන බැටරි 14 ක්, චාජර්ස් 08 ක්, දුම්කොළ 10 ක්, බුලත්කොළ 20 ක්, බුලත්විට හුණු කැබිලි 20 ක් සහිත පැකට් 1 ක්, ඊයම් කොළ, ගිනි පෙට්ටි, එම පාර්සල් දෙකේ තිබී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සදහා බොරැුල්ල පොලිසියට බාර දී ඇත.


