වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්


(රේඛා තරංගනී ෆොන්සේකා )

වැලිකඩ පොලිස් ස්ථානාධිපති එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල ඉවත් කරන  සේවකයින් අද (5) වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 ඇතුල් කෝට්ටේ අලකේශ්වර පාරේදී ඊයේ (4) කසල ඉවත් කරන සේවකයෙකුට මහමග ගමන්ගත් ප්‍රභූයැයි පැවසෙන පුද්ලයෙකු සිදුකළ පහරදීමක් ගැන විධිමත් පරික්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් මෙම විරෝධතාව ඇරඹු බව උද්ඝෝෂකයෝ කීහ.

කසල ඇදීමේ සේවාවෙන් එම සේවකයින් සියලුදෙනාම ඉවත්වී ඇති අතර ශ්‍රි ජවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ සිට වැලිකඩ පොලිසිය දක්වා පා ගමනින් පැමිණි උද්ඝෝෂකයෝ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වී සිටිති.

 මේ පිළිබඳව අප ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය පරිපාලක මුතුගලගේ දොන් විශ්වන්ත උදයසිරි මහතාගෙන් විමසා මසා සිටි අතර ඒ මහතා පැවසූයේ පහරකෑමට ලක්වූ සේවකයා ඊයේ රාත්‍රියේ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකළ බවයි.