වැල් දොඩම් වගාවට වැලේ වැල් නෑ


(කාංචන කුමාර ආරියදාස)

මෙරටට ඩොලර් ඉපයීම සඳහා මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින්  ගොවීන්ට හඳුන් වැල් දොඩම් වගා විනාශ වීමේ තර්ජනයකට ලක් ව ඇතැයි ගොවීහු පවසති.

වැල් දොඩම් වගාව මෙම ප්‍රදේශයේ විශාල  පිරිසක්  සිදු කරගෙන යනු ලබන අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය සමග වැල් දොඩම් වගාව සඳහා වතුර යෙදීමට භූමිතෙල් සහ ඩීසල් ලබා නොදීම නිසා මෙම වගාවේ අස්වැන්න විනාශ වී ගස් යටම වැටී විනාශ වෙමින් පවතින බව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශ්යේ වගාකරුවෝ පෙන්වා දෙති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මුදල්ක් වියදම් කොට මෙම ආර්ථික වගාව හඳුන්වා දී තිබෙන බවත් එවැනි අවස්ථාවක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය වගකිවයුතු බලධාරීන් මෙම ඩොලර් ලැබෙන පලතුරු වගාවට අඩුම තරමේ ඉන්ධන ටික හෝ ලබාදීමට මැදිහත් වුවහොත් ගොවීන්ට පමණක් නොව රටටම ඩොලර් ලැබෙන බව මෙම ගොවීහු පෙන්වා දෙති.