වැඩිහිටි දීමනාව හෙට ගිණුම්වලට


(අංජුල මහික වීරරත්න)

සැප්තැම්බර්  වැඩිහිටි දීමනාව ⁣හෙට (26) බැංකු ගත කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මෙම දීමනාව ලබා දෙයි.

මේ අනුව රුපියල් කෝටි 301.43 ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් සඳහා බැර කෙරෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.