වැඩ බලන ඇමැතිවරුත් ඉදිරිපෙළ අසුන් ඉල්ලති


(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

වැඩබලන අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගනු ලබන්නේ නම් තමාටත් රජයේ අනෙක් වැඩ බලන ඇමැතිවරයාටත් පාර්ලිමේන්තු සභාවේ කැබිනට් ඇමැතිවරුන්ට හිමි ඉදිරිපෙළ අසුන් හිමිවිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) පැවැසීය.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුව වැඩ බලන අමාත්‍යවරු අමාත්‍යවරුන් ලෙස පිළිගන්න බවට කතානායක කරු ජයසූරිය මහතා පැවසූ අවස්ථාවේදීය.

එසේ වුවත් ඔවුන්ට එම ආසන ලබාදීම අපහසු බව කතානායකවරයා සඳහන් කළේය.