වැඩ ප්‍රමාද නම් ජනාධිපති කාර්යාලයට


“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත්  කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා අලුතින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පවරා ඇති රාජකාරි ඉටු කිරීමට ප්‍රමාද වන හෝ අසමත් වන රාජ්‍ය සේවකයින් සෘජුවම ජනාධිපති ලේකම් වෙත වාර්තා කළ යුතු බවට එම ගැසට් නිවේදනයේ දැක්වේ.

රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ වගකීම් ඉටු කිරීම ප්‍රමාද කිරීම හෝ අපොහොසත් වන ඕනෑම රජයේ සේවකයෙකු හෝ ඕනෑම අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය සංස්ථාවේ හෝ එවැනි ආයතනයක ඕනෑම රජයේ සේවකයෙකු හෝ නිලධාරියෙකු මට වාර්තා කරන ලෙස මම මෙයින් ඉල්ලා සිටිමි.

එකී කාර්ය සාධක බලකාය විසින් භාර දිය යුතු එවැනි රාජකාරි හා වගකීම් ඉටු කරන්න ”යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ලේකම් ජයසුන්දර මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ.

( සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)

125