ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදන්න යනවා


(සිරංගිකා ලොකුකරවිට)
ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය අපි රට බෙදන්න යනවා කියා කෑගහනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) ගාල්ල, යක්කලමුල්ලේදී පැවසීය.

හෙතෙම එසේ පවසා සිටියේ කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අල්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

"අපි රට බෙදනවා කියා විපක්ෂය කෑ ගහනවා. ඒත් අපි එහෙම කරන්නේ නැහැ. මල්වගු අස්ගිරි මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුවයි අපි රට පාලනය කරන්නේ. බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ උපදෙස් අරගෙනයි අපි ව්‍යවස්ථාව සකස් කරන්නේ. අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා රට පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දුන්නා. ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂයේ අය රට බෙදනවා කියලා කෑ ගහනවා. ඒ බොරු වලට රැවටෙන්න එපා."

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ බන්ධුලලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

භික්ෂූන්වහන්සේලා 150නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණ අතර විහාරාධිපති නරාවල සිරිවිමල හිමියන්ගේ උපදෙස් මත උත්සවය සංවිධානය කර තිබිණි.

ඡායාරූප - ඉෂාන් සංජීව