(සුමතිපාල දීයගහගේ)
දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.
කොළඹ සහ බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රිය කීපයකට මෙම හරස් ගේට්ටුව වසා තිබියදී එම අනතුර ගැන නොතකා වසා තිබූ ගේට්ටුවෙන් රිංගා යමින් සිටියදී දුම්රිය ආරක්ෂක අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 8 දෙනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.

