
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විවාදය අහන්නට ජනක රත්නායකට පාර්ලිමේන්තුව ඇතුලට එන්නට තහනම් කර තිබුණත් අනීතික ලෙස රත්‍රං ඇතුළු රටට අනවසර භාණ්ඩ ගෙනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දෙන්නට හැකියාව ලැබී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සිස්ටම් චේන්ජ් එක" මේකදැයි විපක්ෂ නායකවරයා විමසීය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
තමාට මේ අවස්ථාවේ වසල සූත්‍රය මතක් වෙන බවද මහජන උපයෝගිතා කොමිසම කොමිසමේ සභාපතිවරයා කළේ වසල ක්‍රියාවක් ද ?බ්‍රාහ්මණ ක්‍රියාවක් ද? කියා විවාදයේ දී තීරණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා කීය.

