(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.
ප්‍රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසීය.
"ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

