(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර පහට වැඩි සේවා කාලයක් සැපිරූ සියලු සේවකයන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
කාලාන්තරයක් තිස්සේ පවතින රියැදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියයි.
රටපුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාල පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රටපුරා බස් රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව මෙහිදී අනාවරණය වේ.

