වසර 6ට ප්ලාස්ටි කිලෝ කෝටි 335ක් ගෙනල්ලා


 

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

මෙරටට පසුගිය 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වසර හයේදී ප්ලාස්ටික් කිලෝ කෝටි 335කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 18405 වැඩි මුදලක් වැය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු හෙළි වී ඇත.

වසර 20කට අධික කාලයක සිට යාවත්කාලින කිරීමට  උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජසිංහ මහතාට උපදෙස් දුන්නේය.