(ටී.කේ.ජී.කපිල)
කුවේට් ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 42 ක් අද ( 27) උදෑසන යළි ශ්‍රී ලංකාවට එවා තිබිණි.
ඔවුහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වූහ .
වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සදහා වැටුප් ගෙවා නොතිබුණි .
ඔවුන් ගෘහ සේවය සදහා යොමු කර තිබු නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර, වැටුප් නොගෙවීම නිසා ද, මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට , පලා විත් , එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට , යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර , ඔවුන්ට හිමිවිය යුතු වැටුප් , එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබුණි .
පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් " සබායා ගිලිස් " සහ " අබු අලීෆා " හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත . මෙම රැදවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව,අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බවද ඔවුහු සඳහන් කළහ.
මෙම පිරිස සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරණ ගුවන් යානයෙන් අද (27) උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .

