වසන්ත මුදලිගේ අත්අඩංගුවට


(රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැති නිල කාමරය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදි එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙසට හා ඊයේ පැවැති සත්‍යග්‍රහායට පොලිසිය පහරදීමට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ පරීශ්‍රය තුළ එම විරෝධතවා පවත්වා ඇති අතර විශ්ව විද්‍යාල සිසුන් සහ අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මෙම විරෝධාවට එක්ව වී ඇතැයි පොලිසිය කියයි.