
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල සූසාන භූමියේ දී සිදු කෙරුණි
බෞද්ධ ආගම අනුව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය සූසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කෙරිණි.
පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරුණු අතර සූසාන භූමිය සහ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.
ඉකුත් 8 වෙනිදින ක්ලබ් වසන්ත අතුරුගිරිය ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී පාතාල වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්විය.
ඡායාරූප - ගයාන් අමරසේකර





