වවුනියා අනතුරින් දෙකක් මරුට දෙකක් රෝහලට


(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද  උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු  තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි.

යාපනය - මහනුවර මාර්ගයේ වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක්  මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

එහිදී කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ටිපර් රථයේ සිටි දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.