(සිතුම් චතුරංග )
වවුනියාව බන්ධනාගාරගතව සිටි රැදවියකු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් අැතැයි වවුනියාව පොලිසිය කියයි.
මියගිය රැදවියා රෝගී තත්වයකින් පෙළෙන බවට වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් දැණුවත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට අැතුලත් කිරීමේදී මියගොස් අැති බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් අැත්තෙ අංක 153, හැමිලන් කොටුගොඩ ලිපිනයේ පදිංචි එගොඩවත්තඅාරච්චිගෙ දොන් චමිල් ඩිලාන් නැමති වයස අවුරුදු 34 පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළේය.
රථවාහන ගනුදෙනුවකට අදාල නඩුවිභාගයක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා පසුගිය 26 වැනිදා වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අැති බවත් පොලිසිය පැවසීය.

