වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන


(ප්‍රදීප් කුමාර)

යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අදාල කාන්තාව ගිනි තබා ගැනීමෙන් අනතුරුව ඇය තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී අදාල කාන්තාව  ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සේවය කළ බාලක්‍රීෂ්ණන් විජිතා නැමති 36 හැවරිදි එක්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිගෙන් වෙන්ව ජීවත්ව තිබේ ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාගම් පොලීසිය වැඩිදුර විමර්ණ සිදු කරණු ලබයි.