වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට


(අමදෝරැ අමරජීව )

ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි .

අළුයම රාජකාරීයට යන පියා බසයට ඇරලවීම සඳහා පාපැදියකින් පියා සමග ගමන් කරමින් සිටියදී අතරමග විශාල තුඹසකට මුවා වී සිටි අලියා එකවරම පාරට පැන පාපැදියට පහරදී ඇති අතර වල් අලි ප්‍රහාරයෙන් පියා විසි වී යද්දී පාපැදියෙන් වැටුණු දරුවාගේ හිස අලියා විසින් පාගා දමා තිබිණැයි පරීක්ෂණ පවත්වන ගෝමරන්කඩවල පොලිසිය පැවසීය.