(රෝෂන් තුෂාර)
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපිය් මිලියන පහක ශරීර ඇප පහක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කළාය.
අල්ලස් කොමිසම නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උදේනි අතුකෝරල එසේ ඇප මත මුදාහරියේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කළාය.
පැමිණිලිකරුගෙන් අවස්ථා කීපයකදී රුපියල්. 5480000.00 හා සැකකරුගේ ගෙමිදුලට ඇල්ලීම සඳහා කුට්ටිගල් මිලදී ගැනීමට රුපියල් 12 50 000.00 ක අතිකාරම් මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.