එංගලන්තයෙන් ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක් නිකුත්වන බව රේගු සහ වරාය නිලධාරීහු කියති.
වරාය සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 132 න් 10 ක් රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් ඉකුත්දා විවෘත කර බැලූ බවත් ඒවායේ තිබී පාවිච්චියට නුසුදුසු මෙට්ට, කුරුලු පිහාටු, වැලි හා මඩ, කාපට්, ප්ලාස්ටික් හා පොලිතින් සොයාගත් බවත් රේගුව පවසයි.
පරික්ෂාවට ලක් කළ කන්ටේනර් 10 තුළ මිනිස් අවයව කිසිවක් නොතිබූ බව ද රේගුව පවසයි.
විශාල දුගඳක් නිකුත් වෙන මෙම අපද්‍රව්‍ය කන්ටේනර්වලින් ඇතැම් ඒවායින් දියර ගලන බව ද වාර්තා වේ.
2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා වූ කසළ අඩංගු කන්ටේනර් 241 ක් එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති බව රේගුව කීය.

