
(නිමල කොඩිතුවක්කු)
වරාය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය ගැසට් පිට ගැසට් ගැහුවත් වරාය සේවකයන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙනයන බව ශ‍්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමය සභාපති ප‍්‍රසන්න කළුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.
වරාය සම්බන්ධ ගැටලූව විසදීමට රජය අපොහොසත් වුවහොත් හෙටින් ආරම්භ වන සතිය තුළ වෘත්තිය ක‍්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවද හෙතෙම සඳහන් කළේය.
වරාය සේවකයන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය අද (31) තුන්වන දිනටත් සාර්ථකව ක‍්‍රියාත්මක වූ බවත් කළුතරගේ මහතා කීයව්ය.
හෙට දිනයේ සියලූම වෘත්තීය සමිති එක්ව සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව ගැන ප‍්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.
වරාය ගැටලූව විසඳන්නේ නැතිව රජය මර්ධන ක‍්‍රියාමාර්ග ගන්නේ නම් එයටද වරාය සේවකයන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

