
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන්ගේ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන් ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂ නායකයින් විසින් අත්හිටුවනු ලැබ ඇත.
රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර රහීම් මහතා නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි.
මෙම මන්ත්‍රීවරු දෙදෙනාම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී පසුගිය (20) වැනිදා ඡන්දය ප්‍රකාශ කළහ.
ඔවුන් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට පක්ෂව අදහස් පළ කරනුද අසන්නට ලැබිණ .

