වරාය නගරයේ වැඩ මැතිසබේ අනුමැතියට


(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය  නගරයේ නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වරාය නගරයේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර, තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ගැන නියෝග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි රජය පවසයි.

එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.