(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බිම් කැබලි අනුබෙදීම ,ඇතැම් බිම් කැබලි වල පරිහරණය වෙනස් කිරීම සහ තාක්ෂණික නොවන නිවැරදි කිරීම් කිහිපයක් ඇතුළත්ව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති කොළඹ වරාය නගරයේ සංවර්ධන පාලන නියෝග සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි රජය පවසයි.
එකී නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

