(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිත ව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.
එම සංශෝධන අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ පැවැත්විණි .
ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට ඉහතදී ඉදිරිපත් කළ සංශෝධන අනුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇති නිර්දේශ මත පදනම්ව පනත් කෙටුම්පත සම්මත කර ගන්නා බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය .

