(අමල් වික්‍රමරත්න)
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළද ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් කොළඹ බලා ගමන්ගත් බව ගාල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසූහ.
උදෑසන4.55ට ගාල්ල සිට කොලඹ බලාගමන්ගන්නා කාර්යාලයීය දුම්රිය සහ ගාල්ලෙන් පෙරවරු 5.55කොළඹ බලාගමන්ගන්නා දුම්රිය විනාඩි12ක් ප්‍රමාදවී ගාල්ලෙන් ගමන් ආරම්භ කළ බව ඔවුහු කීහ.
ඉන් අනතුරුව කිසිදු දුම්රියක් ගාල්ලේ සිට කිසිදු ගමනාන්තයක් කරා මේ දක්වා ගමන් කර නැත.



