
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ 'ජී' වාට්ටුවේ රඳවා සිටින ආබාධිත හා රෝගී තත්වයෙන් යුතු වයස අවුරුදු 70-90ත් අතර වූ වයෝවෘද්ධ සිරකරුවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි රෝහල් බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ සමඟ ම, ආබාධිත හෝ රෝගී තත්වයෙන් යුතු සිරකරුවන් වහාම රෝහල් ගතකරන ලෙසට අමාත්‍යවරිය උපදෙස් දී ඇති අතර ඒ අනුව, එවැනි සිරකරුවන් සිව්දෙනෙකු අද(10) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ(09) වැලිකඩ බන්ධනාගාරයට හදිසියේ ගිය රාජ්‍ය ඇමැතිවරිය මෙම ජී සිර වාට්ටුව හදිසි නිරීක්ෂණයට ලක් කර ඇත.
එහිදී, එම සිරකරුවන් පත්ව සිටින තත්වය සියැසින් දැක ඇති රාජ්‍ය අමාත්‍යවරිය බන්ධනාගාරවල වෙසෙන එවැනි සිරකරුවන් පිළිබඳ වාර්තාවක් ද කැඳවා තිබේ.
මෙම සිරකරුවන් ස්ත්‍රී දූෂණ ඇතුලු විවිධ අපරාධ සම්බන්ධයෙන් වසර 10-15 අතර කාලයක් සිර දඬුවම් නියමවූවන් බවද හෙළි වී ඇත.
මෙහි බොහෝදෙනෙකුට අක්ෂි ආබාධ, අංශභාගය, වකුගඩු රෝග, හෘදරෝග හා අර්ශස් රෝග උත්සන්න වී තිබී ඇතැයි ද වාර්තා වේ.

