වයිරසය වායුගෝලයෙන් පැතිරෙනවා කියන කතාව මිථ්‍යාවක


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් වයිරසය වායුගෝලයේ පැතිර පවතින බවට යන කතාව මිථ්‍යාවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.

වයිරසවලට පිටත පරිසරයේ වර්ධනයවීමට හැකියාවක් කිසිසේත් ම නැතැයි කී මහාචාර්යවරයා වයිරස වර්ධනය වන්නේ ජෛව සෛල තුළ පමණකැයි ද ප්‍රකාශ කරයි.

සාමාන්‍ය උෂ්ණත්වයේදී වයිරස විනාශ වන බවද ඔහු පවසයි.

ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වයිරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත් මුව ආවරණ දමා දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් වයිරසය එලෙස ඇතුලුවීම වළක්වා ගත හැකි බවත් තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

පුද්ගලයකුගේ ඇස්වලින්ද වයිරසය ඇතුළු විය හැකි බවද ඔහු කීය.

කෙසේ වෙතත් වයිරසය යම් යම් පෘෂ්ඨයන්හි කිසියම් කාලයක් රැඳී තිබිය හැකි බවත් දෑත් සබන් යොදා සේදීමෙන් වයිරසය විනාශ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.